ආපදා මරණ 3 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

ආපදා මරණ 3 දක්වා ඉහළට

ආපදා මරණ 3 දක්වා ඉහළට

මේ දිනවල දිගින් දිගටම ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ සිදු වු ආපදාවලින් තවත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

 

අද (02) උදෑසන මස්කෙලිය-නෝටන් බ්‍රිජ්-ටැප්ලෝ ප්‍රදේශයේදී නිවාස දෙකක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මෙම මරණය සිදුවී ඇති බව වාර්තා වේ. මිය ගිය තැනැත්තා 39 හැවිරිදි අයෙකි.

 

නිවාස දෙකෙහි සිටි පුද්ගලයින් 17 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

 

මේ වනවිට අයහපත් කාලගුණය හේතුවෙන් අතුරුදහන් වී ඇති සංඛ්‍යාව 3ක් වන අතර මියගිය සංඛ්‍යාවද 3 දක්වා ඉහළ ගොස් ඇත.

views

261 Views

Comments

arrow-up