බිලියන 3.4ක මානුෂීය ආධාර තොගයක් මෙරටට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

බිලියන 3.4ක මානුෂීය ආධාර තොගයක් මෙරටට

බිලියන 3.4ක මානුෂීය ආධාර තොගයක් මෙරටට

රුපියල් බිලියන 3.4 ක ට වැඩි වටිනාකමින් යුත් මානුෂීය ආධාර තොගයක් තමිල්නාඩු රජය විසින් මෙරටට ලබා දී තිබෙනවා.

අදාල මානුෂීය ආධාර තොගය අද(26) ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා රජයට බාර දුන් අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එම ආධාර පිළිගත්තේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුනුයි.

මෙම ආධාර තොගය ට සහල් මෙට්‍රික් ටොන් 40,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 100කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වන අතර එහි ඒකාබද්ධ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 22ක් පමණ බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දන්වා සිටියේ.

views

241 Views

Comments

arrow-up