වැඩබලන ජනපතිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ධූරය අභියෝගයට ලක් කරමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම විභාගයට නොගෙන ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(19) තීරණය කර තිබෙනවා.
ඒ ගාමිණි අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම විභාගයට ගැණුනු අවස්ථාවේ දීයි.
මෙහිදී වගඋත්තරකරු වන වැඩබලන ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ විරෝධතා සැලකිල්ලට ගනිමින් මෙම පෙත්සම විභාගයට නොගෙන ම නිශ්ප්‍රභ කරන බවයි විනිසුරු මඩුල්ල දන්නවා තිබෙන්නේ.
236 Views
Comments