ගෝඨාට සිංගප්පූරුවෙනුත් යන්න කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දින පහළොවක් ඇතුළත සිංගප්පූරුවෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙරට ජනතාවගේ විරෝධය හමුවේ රටින් පලාගොස් සිංගප්පූරුවේ සිටින හිටපු ජනපතිවරයා සිංගප්පූරුවෙන් මැදපෙරදිග රටකට පිටත්ව යාමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ජනපතිවරයා සිංගප්පූරුවට පැමිණ ඇත්තේ සාමාන්‍ය සංචාරකයෙකු ලෙස වන අතර ඔහු දේශපාලන රැකවරණය ඉල්ලා නොමැති බැවින් ඔහුට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් මේ වනවිට සිංගප්පූරුව ගැටලුවකට මුහුණ දී ඇති බවයි එරට රජය කියා සිටින්නේ.
කෙසේවෙතත් සිංගප්පූරුවේ සිටින හිටපු ජනපතිවරයාගේ ඊලඟ ගමනාන්තය කුමක් ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.
281 Views
Comments