බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි 4ක් පොලිස් භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි 4ක් පොලිස් භාරයට

බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි 4ක් පොලිස් භාරයට

අධිකරණ නියෝග කඩකරමින් ගාලුමෝදර බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි පුද්ගලයන් 4 දෙනෙකු අද(26) උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මේ වන විට කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

ගාලුමෝදර බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයකට කිසිදු පාර්ශ්වයක් ඇතුල් වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් පසුගිය 20 වනදා තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ එම පිළිරුවට හානි කිරීමේ සූදානමක් පවතින බවට ලැබුණු තොරතුරක් අනුව පොලීසිය විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනුයි.

views

245 Views

Comments

arrow-up