DEC
16
තවත් ගෑස් නැවක් කොළඹට

ගෑස් මෙට්‍රික් ටොන් දෙදහසකට අධික තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වී ඇති බව, පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේ, එම නෞකාවේ ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබා ගත් බවයි.
එම සාම්පල පරීක්ෂා කිරීම සඳහා ආයතන දෙකකට යොමු කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.
675 Views
Comments