පොලිස්පතිට සේවා දිගුවක්

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ගේ සේවා කාලය දෙවැනි වතාවටත් දිගු කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් සදහන් කරයි.
ඔහුගේ සේවා කාලය අදින් අවසන්වීමට නියමිතව තිබූ අතර නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනාවක් තවමත් ඉදිරිපත්වී නොමැත.
මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැමිණි පසු සාකච්ඡා කරන බවයි.
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටියත් රජය ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දුන්නේය.
258 Views
Comments