DEC
25
එකම පවුලේ දෙදෙනෙක් පස් කන්දකට යටවී මරුට

මහනුවර, අකුරණ, දුනුවිල ප්‍රදේශයේ ගෙයක් මතට පස්කන්දක් සමඟ ගලක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ අවුරුදු 18ත් 19ත් අතර වයසේ පසුවන එකම පවුලේ සහෝදර සහෝදරියන් දෙදෙනෙක් බවයි මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
අධික වර්ෂාව සමඟ එම නිවස ආසන්නයේ පිහිටි පස් කන්දක් නාය යෑමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
230 Views
Comments