නාවික හමුදා මුල් පුටුව වෙනස් වේ. ජායාරූප සහිතයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

නාවික හමුදා මුල් පුටුව වෙනස් වේ. ජායාරූප සහිතයි

නාවික හමුදා මුල් පුටුව වෙනස් වේ. ජායාරූප සහිතයි

ශ්‍රී ලංකා නාවික හමුදවේ 25 වැනි නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (18) දින සිය ධූරයෙහි වැඩ භාර ගත්තේය.

 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස 2020 ජුලි මස 15 වන දින සිට රාජකාරී ආරම්භ කරන ලද අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (18) දින විශ්‍රාම ගියේය.

 

ඒ අනුව නාවික හමුදා චාරිත්‍රානුකූලව නාවික හමුදාධිපති ධූරයේ රාජකාරීන් වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත භාර දුන්නේය.

 

37 වසරක අභිමානවත් සේවා කාලයක් ඇති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සම්මාන ආචාර මුරයක් මගින් ආචාරය පුද කරන ලද අතර, නාවික හමුදා කළමණාකරන මණ්ඩලය ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් ඔහු පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් ඔහු  හට සුභාශිංසන එක් කළහ.

 

 

 

views

252 Views

Comments

arrow-up