දුන් පොරොන්දු ඉදිරි වසර 3 දී ඉටු කරනවා - ජනපති කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

දුන් පොරොන්දු ඉදිරි වසර 3 දී ඉටු කරනවා - ජනපති කියයි

දුන් පොරොන්දු ඉදිරි වසර 3 දී ඉටු කරනවා - ජනපති කියයි

තමා ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර 3 තුළ දී ඉටු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

 

ඔහු මේ බව කියා සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනතාව ඉදිරිපත් කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

 

පටු විවේචන එල්ල කර ජනතාව අධෛර්යමත් නොකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලූ ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ තමා පිළිබඳ විශ්වාසය තබා ගන්නා ලෙසයි.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා

 

"බාධක මැද්දේ තමයි මේ මාර්ගය අවසන් කළේ. මේක හදලා ඉවර වුණාම කුරුණෑගල සිට මත්තල දක්වා යන්න පුළුවන්." 

"මම අවුරුදු 5ක් තුළ කරනවා කියපු ඒ වැඩ සියල්ලම ලබන අවුරුදු 3 තුළ කරනවා කරනවාමයි."  

"මගේ ඇමති මණ්ඩලය, අපිත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන්ගෙන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මං ඉල්ලා සිටිනවා බොරු ප්‍රචාරවලට අධෛර්යමත් වෙන්නේ නැතුව අපි ජනතාවට පොරොන්දු වූ වැඩ කොටස මේ අවුරුදු තුනේ කරමු කියලා." 

"අපි අවුරුදු 3කින් තමයි අවුරුදු 30ක යුද්ධය අවසාන කළේ. එහෙමනම් මේ ඉතිරි අවුරුදු තුනේදී අපි පොරොන්දුවෙන වැඩ කොටස කරන්න පුළුවන්."

"හැබැයි මාත් එක්ක එකතු වෙන්න. මං ගැන විශ්වාසය තියන්න. අපිට මේක කරන්න පුළුවන්."  

"මාධ්‍යවලට කියන්නේ අපිත් එක්ක ගහගැනීමක් නෑ මෙතන. අපේ බලාපොරොත්තුව මේ රට හදන එක. මාධ්‍යවේදීන්ගෙන් මං ඉල්ලා සිටිනවා.. ඔබ මේ සංවර්ධනයේ පාර්ශ්වකරුවෙක් වෙන්න." 

"අපි කවදාවත් ගොවියා අමතක කරන්නේ නෑ..නෑ.නෑ.. මම නැවතත් තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා පුරන් කුඹුරු වගාකරන්න මගෙත් එක්ක එකතු වෙන්න කියලා."

"ඔබලා එදා යම්කිසි දෙයක් බලාපොරොත්තුවෙන් මට ඡන්දය දුන්නා නම් ඒ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුකරලා දෙනවයි කියන පොරොන්දුව මත මට සහාය වෙන්න." 

views

1682 Views

Comments

arrow-up