අපිට ඕන මොඩර්නා - සරසවි සිසුන් පිරිසක් එන්නත්කරණ මධ්‍යස්ථානයක යකා නටයි

සිය කොවිඩ් මර්දන එන්නත ලෙස මොඩර්නා එන්නත ලබාගැනීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හේතුවෙන් අද (25) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයේදී නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි.
ඒ අදාළ එන්නත එම මධ්‍යස්ථානයෙන් ලබානොදෙන බවට යුද හමුදා රෝහලේ නිලධාරියෙකු ප්‍රකාශ කිරීමත් සමගය.
එහි පැමිණි සිසුන් පිරිසක් ප්‍රකාශ කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලිපි ශිර්ෂය යටතේ නිකුත් කළ දැනුම්දීමක් අනුව තමන් එන්නත් ලබාගැනීම සඳහා පැමිණි බවය.
එම ලිපියේ සටහන්ව ඇත්තේ අද සහ හෙට (26) යන දෙදින තුළ පස්වරු 4දක්වා යුද හමුදා රෝහලේදී මොඩර්නා එන්නත ලබාගත හැකි බවය.
ශිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් එන්නත් ලබා ගත හැකි බවද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරියගේ නම සටහන් කරමින් නිකුත් කර තිබුණු ලිපියේ සටහන් කර තිබුණි.
එහි පැමිණ සිටි සිසුන් ප්‍රශ්න කළේ ඊයේ මොඩර්නා එන්නත ලබාදී තිබුණේ කුමණ පදනමක් යටතේ ද යන්නය.
එහිදී යුද හමුදා නිලධාරියෙක් සඳහන් කළේ ගුවන් ගමන් බලපත්‍ර තිබූ දරුවන්ට එලෙස එන්නත ලබාදුන් බවය.
745 Views
Comments