MAY
01
වත්තල හැමිල්ටන් ඇලේ නාඳුනන මළ සිරුරක්

වත්තල පොලිස් වසමේ, පල්ලියවත්ත පාලම අසල හැමිල්ටන් ඇළේ තිබී ඊයේ (30) උදෑසන කාලයේදී පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුව තිබේ.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 50 ත් 60 ත් අතර වූ උස අඩි 5 යි අඟල් 2 ක් පමණ උස් වූ මෙම පුද්ගලයා දුඹුරු පැහැති සරමක් හා සුදු පැහැති අත්දිග කමිසයක් ඇඳ සිටි බව පොලිසිය පවසයි.
හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වත්තල පොලිසිය විසින් මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.
270 Views
Comments