නිදහස් දින දක්වා විදුලි කැපිල්ල බේරේ

පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අප වෙබ් අඩවියට මීට සුළු මොහොතක පෙර පැවසූවා
මීට අදාළ විශේෂ සාක්ෂාවක් අද විදුලිබල මණ්ඩලය සමඟ පැවැත් වූ බවත් ඔහු කියා සිටියා
විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලැබීමත් සමඟ විදුලි කප්පාදුවක් සදහා යාමට දැනට අවශ්‍ය නොවන බවයි ඔහු කියා සිටියේ
ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය
“ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවකට කල යෝජනාවෙන් පසුව අපි බලාගාරවල තත්වය හා ඉන්ධන සැපයුම පිළිබද අඛණ්ඩව සමාලෝචනය කලා. විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන නිසා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අවසර දුන්නේ නැ. යෝජිත විදුලි කප්පාදුව කලා නම් සමස්ත ආර්ථිකයට සිදුවිය හැකිව තිබු පාඩුව රුපියල් බිලියන 31ක් පමණ වනවා. විදුලි කප්පාදුව වැලැක්වු නිසා මේ රුපියල් බිලියන 31ක අපිට ඉතිරි කරගන්න හැකි වුණා. එළඹෙන පෙබරවාරි මාසය ආරම්භයේදී ද විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ සැපයුමක් ලබාදිය හැකි බව තහවුරු වී තිබෙනවා. විශේෂයෙන්ම ලබන මාසයේදී උසස් පෙල විභාග ආරම්භ වීමට නියමිතයි. මේ විභාගය සාර්ථකව පැවත්වීම සදහා බාධාවකින් තොරව විදුලිය සැපයිය යුතුය. අලුත්වැඩියාවට ලක් වෙමින් තිබු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ 3න් වන ඒ්කකය මේ වන විට ජනන කටයුතු ආරම්භකර තිබෙනවා. ඒ් වගේම පහුගියදා නඩත්තු කටයුතු සදහා පද්ධතියෙන් ඉවත් කර තිබු සොජිට්ස් බලාගාරයේ මෙගාවොට් 130ක් නැවත ජනන කටයුතු ආරම්භ කරනවා පෙබරවාරි 2 වැනිදා. මේ නිසා විදුලි සැපයුම අඛන්ඩව පවත්වාගෙන යාමට හැකි බව තහවුරු වී තිබෙනවා.”
මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොර තෙල් ලැබී පිරිපහදු කටයුතු ආරම්භ වී ඇති හෙයින් ඉන්ධන බලාගාර සදහා අවශ්‍ය ඉන්ධන තොග ඉදිරියේදී ලැබෙන බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අනාවරණ කලා.
1462 Views
Comments