CID ලොක්කන්ගේ වැසිකිළියේ කවුළුවෙන් පැන්න මැණිකා දූෂණය වෙලාද!
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

CID ලොක්කන්ගේ වැසිකිළියේ කවුළුවෙන් පැන්න මැණිකා දූෂණය වෙලාද!

CID ලොක්කන්ගේ වැසිකිළියේ කවුළුවෙන් පැන්න මැණිකා දූෂණය වෙලාද!

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා රහස් පොලිසිය වෙත රැගෙන විත් සිටියදී  එහි පස් වන මහලෙන් පැන සිය දිවි හානි කර ගත් කාන්තාවගේ මරණය සැක සහිත බවත් ඇයව දූෂණය කර ඇති බවට සැක කරන බවත් ඇයගේ ස්වාමියා පැමිණිලි කොට තිබෙනවා.

 

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටය.

 

නීති සහය ලබා ගනිමින් ඔහු මෙම පැමිල්ල දමා තිබෙනවා.

 

රහස් පොලිස් නිළධරීන්ට විරුද්ධවයි මෙම පැමිණිල්ල සිදුකොට තිබෙන්නේ.

 

සිය පැමිණිල්ල ඔස්සේ මෙම ස්වාමියා පවසා සිටින්නේ සිය බිරිඳට සියදිවි හානි කර ගැනීමට තරම් කිසිදු ප්‍රශ්ණයක් නොවූ බවයි.

 

ඇය පැන අත්තේ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරීවරුන් සඳහා පමණක් වෙන් කර ඇති වැසිකිළියක කවුළුවකින් වීම නිසා මෙම සැකය හට ගෙන තිබෙනවා.

 

ඇයට වැසිකිළි යාමට අවශ්‍ය නම් ඇයව රැගෙන යා යුත්තේ සාමාන්‍ය කාන්තා රැදවියන්ගේ වැසිකිළියට බවත් ඇය කෙලෙස මෙම ලොකු මහත්වරුන්ගේ වැසිකිළියට ගියේ කෙසේ දැයි සහ එලෙස යාමට අවශ්‍යතාව මොකක්දැයි මේ වන විට දැඩි ප්‍රශ්ණයක් හට ගෙන තිබෙනවා.

 

ඉකුත් 11 වැනිදා අලුයම 4 ට පමණ ඇය මෙලෙස එම මහලෙන් පැන ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.

 

පන්නිපිටිය,නාමල් උයන සේදගල පදිංචි අප්සරා මැණිකේ රාජපක්ෂ නැමැති 46 හැවිරිදි කාන්තාවක් මෙලෙස සියදිවි හානිකර ගෙන තිබෙන්නේ.ඇය උකස් හා ආයෝජන මණ්ඩලය ඔස්සේ සිදු කළ රුපියල් මිලියන 700 වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනා.

views

1346 Views

Comments

arrow-up