ප්‍රදේශ කිහිපයකට මි.මි 50 ඉක්මවූ වැසි - මුහුදු ප්‍රදේශද රලුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

ප්‍රදේශ කිහිපයකට මි.මි 50 ඉක්මවූ වැසි - මුහුදු ප්‍රදේශද රලුවේ

ප්‍රදේශ කිහිපයකට මි.මි 50 ඉක්මවූ වැසි - මුහුදු ප්‍රදේශද රලුවේ

උතුරු, නැගෙනහිර,උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවේ.

 

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

 

ත්‍රිකුණාමලය සිට මඩකලපුවසහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

 

කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහාකොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) පමණ දක්වා වැඩි විය හැක.

 

කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශසාමාන්‍ය ස්භාවයේ සිට මද වශයෙන් රළු දක්වා වේ.

views

683 Views

Comments

arrow-up