මහනුවර සුවිසල් මැදුරු දෙකක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන වටලා කතුන් 06ක් අත්අඩංගුවට

මහනුවර නගරයේ සුවිසල් මන්දිර දෙකක දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන දෙකක් වැටලූ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එහි සිටි කාන්තාවන් හය දෙනෙකු සහ ඒවාහි කළමනාකරුවන් දෙදෙනා පසුගිය 15වනදා අත්අඩංගුවට ගෙන තිබේ.
අනිවත්ත සහ විද්‍යාර්ථ මාවතේ පිහිටි නිවාස දෙකක මෙම ගණිකා මධ්‍යස්ථාන දෙක පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ පිළිබඳ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අදාළ පිරිස අත්අඩංගුවට ගත් බවත් දූෂණ මර්දන අංශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් තරුණියන් වයස අවුරුදු 20-30 අතර පසුවන බවත් ඔවුන් පොළොන්නරුව, අනුරාධපුර වැනි ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
මහනුවර පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
24988 Views
Comments