ආසනික් සංයුතිය ඉහළ සැමන් වර්ග අටකට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

ආසනික් සංයුතිය ඉහළ සැමන් වර්ග අටකට වැඩ වරදී

ආසනික් සංයුතිය ඉහළ සැමන් වර්ග අටකට වැඩ වරදී

සැමන් නිෂ්පාදනයේදී යෙදිය යුතු ආසනික් මට්ටම ඉක්මවා තිබූ සැමන් වර්ග අටක් සඳහා අදාළ නීතිමය කටයුතු ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි ඊ. යූ. රන්ජන මහතා සඳහන් කරයි.

 

පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් සිදුකළ වැටලීම්වලදී භාරයට ගෙන ඇති සැමන් වර්ගවල ආසනික් මට්ටම ඉහළ අගයක් ගෙන ඇති බව අනාවරණය කර ගැනීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ. 

 

මෙලෙස අදාළ ආසනික් මට්ටම ඉහළ අගයක තිබී ඇත්තේ විදේශයෙන් මෙරටට ආනයනය කරන සැමන් වර්ග 06ක් සහ විදේශයෙන් මාළු ආනයනය කර මෙරටදී ටින් කර අසුරන ලද සැමන් වර්ග අටකට බව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය කියයි.

views

707 Views

Comments

arrow-up