පුහුණුවක් අතරතුර නාවික සෙබළෙක් දියේ ගිලී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

පුහුණුවක් අතරතුර නාවික සෙබළෙක් දියේ ගිලී මරුට

පුහුණුවක් අතරතුර නාවික සෙබළෙක් දියේ ගිලී මරුට

ඊයේ (15) උදෑසන හික්කඩුව පොලිස් වසමේ පන්නම්ගොඩ ප්‍රදේශයේ මුහුදු තීරයේ දී පැවැති පුහුණු රාජකාරියක් අතරතුර දියේ ගිලී නාවික සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 

 

පුහුණු රාජකාරියේ යෙදී සිටි නාවික සෙබළුන් කිහිපදෙනක් අතරින් එක් සෙබළෙක් දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

 

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33ක් වූ කටුවන, දොඩන්දූව ප්‍රදේශයේ තරුණයෙකි.

 

හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

236 Views

Comments

arrow-up