නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

අනාරක්ෂිත අයුරින් පස් බැම්මක් සකස් කරමින් සිටි නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
එම පුද්ගලයින් දෙදෙනා නුවරඑළිය වෙඩමන් පාර ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින ගොඩනැගිල්ලක පැති බැම්මක් සකස්කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.
ඔවුන් නුවරඑළිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.
මියගිය අය බලංගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 හා 45 යන වයසේ පසුවන දෙදෙනෙක් බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
254 Views
Comments