ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සහ ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශකවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා අතර හමුවක් සිදුව තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ස්විස්ටර්ලන්තය අතර හමුදා සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු වූ බවයි.
එහිදී දෙරට අතර පවතින හමුදා සහයෝගිතාවය සහ මෙරට හමුදාවන්ට ලබා දියහැකි පුහුණු අවස්ථා පිළිබඳව ද අවධානය යොමු වී ඇති බව සඳහන් වේ.
ආරක්ෂක ලේකම්වරයා විසින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රට තුළට ගලා ඒම වැළැක්වීම සඳහා මෙරට නීති ක්‍රියාත්මක කරන ආයතන ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශකවරයා දැනුවත් කර තිබේ.
260 Views
Comments