ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා කටයුතු සීමා වෙයි

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල වසා තැබෙන බව එම ආයතනය දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ජූලි 1 සිකුරාදා සහ ජූලි 2 සෙනසුරාදා සිට මෙය ක්‍රියාත්මක වන අතර ඕනෑම ජංගම දුරකථන ජාලයකින් අංක 225 ඇමතීමෙන් හෝ ස්ථාවර දුරකථන මගින් 1225 ඇමතීමෙන් වෙනත් දිනයක පහසු වේලාවක් වෙන්කරගෙන පැමිණ ඉතා ඉක්මනින් සේවාව ලබා ගත හැකි බව එම ආයතනයේ සභාපති වෛද්‍ය සචින් ගමගේ මහතා තවදුරටත් දන්වා සිටිනවා.
ඒ අනුව www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ e-channeling යෙදුම මගින් මෙසේ වේලාවන් වෙන්කරගත හැකියි
259 Views
Comments