අගමැති ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ අනාගත සහයෝගිතාව සඳහා යෝජිත සැලස්ම පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සමග සාකච්ඡා කර තිබේ.
ඉන්දීය මහ කොමසාරිස්වරයා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමු වු අවස්ථාවේදී ආර්ථික සහයෝගිතාව පිළිබඳ යෝජිත ක්‍රියාකාරි සැලැස්ම පිළිබඳ විමසා බලා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
සංචාරක ප්‍රවර්ධනය සඳහා දෙරට අතර ගුවන් ගමන් වැඩිකිරීමට පියවර ගන්නා බවද ඉන්දීය මහ කොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
ඩිජිටල්කරණය, විකල්ප බලශක්ති සහ කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා ඉන්දීය අයෝජන වැඩිකරන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ.
300 Views
Comments