MAY
22
පාසල් සිසුවියක් දියේ ගිලී මරුට

මුන්දලම පොලිස් වසමේ පුලිච්චාකුලම වැවේ දියනෑමට ගිය පිරිසක් අතරින් පාසල් සිසුවියක් දියේ ගිලී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 17 හැවිරිදි උඩප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකි.
මියගිය සිසුවිය ඊයේ (21) මිතුරියන් සිව්දෙනෙක් හා එක් මිතුරියකගේ මිත්තණිය සමග පුච්චකුලම වැවේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙලෙස දියේ ගිලී තිබේ.
මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
194 Views
Comments