අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් නව ගැසට් නිවේදනයක් අද

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ගැසට් නිවේදනයට අනුව අන්තර්ජාල වෙළඳ වේදිකා මෙහෙයුම්කරුවෙකු භාණ්ඩයක ප්‍රචාරණය කරනවිට කිසිදු නියෝජනයක් හෝ කරුණු අත්හැරීමක් සිදු නොකළ යුතුය.
එමෙන්ම භාණ්ඩයක සත්‍ය ගැණුම් මිල අදාළ භාණ්ඩය සඳහා අන්තර්ජාල වෙළඳ වේදිකාවේ දර්ශනය කර ඇති මිලම බවට සහතික කළ යුතු වේ.
ඇණවුම් තහවුරු කිරීම, ප්‍රවාහනය සහ සැපයුම් සංවිධානය කිරීම මෙන්ම, ඇණවුම් අවලංගු කිරීමේ අයිතිය ද මෙම ගැසට් නිවේදනය හරහා නියාමනය කර තිබේ.
258 Views
Comments