පොලීසිය කොටුව උසාවියේදී බොරු කියලා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
13

පොලීසිය කොටුව උසාවියේදී බොරු කියලා

පොලීසිය කොටුව උසාවියේදී බොරු කියලා

 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අගෝස්තු 18 වන දින පවත්වන ලද උද්ඝෝෂණයට අදාල නඩුව ඊයේ(12) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැදවනු ලැබූවා.

 

එහිදි ජනාධිපති නීතීඥ එම්.එ. සුමන්තිරන් මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රකාශ කරන ලද්දේ, මහජනතාවගේ විරෝධතා පැවැත්වීමේ අයිතියට බාධා වන පරිදි කටයුතු කිරීම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන බවත්, පොලීසිය විසින් විරෝධය දැක්වීමේ අයිතිය වර්ධනය වන පරිදි කටයුතු කළ යුතු බවත්ය.

 

පොලිස් ආඥා පනත අනුව විරෝධතා පාගමන් පිළිබඳව අදාල පොලිස් ස්ථානය වෙත දැනුම්දීමක් කළයුතු බව සදහන් වුවද, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග කියවිය යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අයිතිවාසිකම් හීන වන පරිදි එම වගන්ති අර්ථනිරූපනය නොකළ යුතු බවත් ජනාධිපති නීතීඥ සුමන්තිරන් මහතා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නා.

 

තවද මෙම නඩුවේ 16 වන සැකකරු ලෙස නම් කර ඇති ජෙහාන් අප්පුහාමි පොලිස් අත්තඩංගුවෙන් පැන ගිය බවට මුලින් පොලීසිය විසින් අධිකරණයට කරුණු දක්වනු ලැබූවද, අද දින පොලීසිය විසින් අධිකරණයට දැනුම්දී සිටියේ ජෙහාන් අප්පුහාමී පොලිස් භාරයෙන් පැනයාමක් සිදුව නොමැති බවයි.

views

289 Views

Comments

arrow-up