නේවාසිකාගාරයකදී දස හැවිරිදි දැරිය නාන අයුරු වීඩියෝ කළ පෙදරේරුවා අත්අඩංගුවට

මල්වාන වල්ගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක පවුලේ අය සමඟ නවාතැන් ගෙන සිටි දස හැවිරිදි පාසල් දැරියක් නාන කාමරයේ දිය නාමින් සිටියදී ඇයව ජංගම දුරකථනයකින් වීඩියෝ කළ බව කියන තිස්හත් හැවිරිදි අයෙකු බියගම පොලිසිය විසින් පසුගිය 04වනදා දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දැරිය නාන කාමරයට ගොස් දිය නාන විට සැකකරු නාන කාමරයේ කවුලුවෙන් ඇයව ජංගම දුරකථනයෙන් විඩීයෝ කර ඇතැයි පැවසේ.
මේ අවස්ථාවේ දැරියගේ මවුපියන් රැකියාව සඳහා ගොස් සිට ඇති අතර කාමරයේ හිඳ තිබෙන්නේ ඇයගේ ආච්චි අම්මා පමණි.
සිද්ධිය දුටු ඇය මේ බව ආච්චි අම්මාට පැවසීමෙන් පසු පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු ජංගම දුරකථනයද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු නවාතැන් ගෙන තිබෙන්නේද මේ නේවාසිකාගාරයේම වෙනත් කාමරයක වන අතර ඔහුගේ බිරිඳ විදේශ ගතව සිටී.
සැකකාර පුද්ගලයා බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.
බියගම පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
326 Views
Comments