“අම්මා නැති අපට අම්මා වුණේ ඔයයි - අනේ, නංගී ඇයි මෙහෙම දෙයක් කර ගත්තේ”
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

“අම්මා නැති අපට අම්මා වුණේ ඔයයි - අනේ, නංගී ඇයි මෙහෙම දෙයක් කර ගත්තේ”

“අම්මා නැති අපට අම්මා වුණේ ඔයයි - අනේ, නංගී ඇයි මෙහෙම දෙයක් කර ගත්තේ”

“අපට අම්මා වගේ කෑම උයලා දුන්නෙත් ගෙදර දොරේ අනෙකුත් වැඩකටයුතු සියල්ලම කළෙත් මේ  මියගිය නංගියි. අපේ අම්මා නැති අඩුපාඩුව මැකුනේ ඇය නිසයි. නංගී නැතුව අපි හරිම අසරණ වුණා. අනේ නංගී අපි ඔයාට මොන වැරැද්දක් කළාටද මෙහෙම දෙයක් කර ගත්තේ” 

 

යයි පසුගිය 26 වැනිදා කඹුරුපිටිය රන්සෑගොඩ දී කිරමආර ගඟට පැන ජීවිතක්‍ෂයට පත් තරුණියගේ සොහොයුරෙකු වන ඉසුරු සම්පත් මහතා දැඩි වේදනාවෙන් පැවසීය.

 

පසුගිය 26 වැනිදා කිරමආර ගඟට පැන ජීවිතක්‍ෂයට පත්වූ රන්සෑගොඩ මීපාවිට කිරඹගෙවත්තේ පදිංචිව සිටි දළුවක්ගොඩගේ අශානි හංසිකා නමැති 20 හැවිරිදි තරුණියගේ සොහොයුරු ඉසුරු සම්පත් වැඩිදුරටත් මෙලෙස පැවසුවේය.

 

“මගේ නංගි රෑට කෑම හදලා ඉවර වෙලා කුස්සිය අස්පස් කරමින් හිටියේ. ඒ අතරේ හිටි හැටියේම අඬන්නට පටන් ගත්තා. තාත්තා කුස්සියට ගිහින් මොකද අඬන්නේ කියලා බැලු‍වා. එවිට නංගී කිව්වා මම යාළු වෙලා ඉන්න අයියා නිල්වලා ගගේ ගිලිලා මිය ගිහිල්ලා කියලා. ඒ වෙලාවේ තාත්තා නංගීට කිව්වා දුවේ කාමරේට යන්න කියලා. නංගී කාමරේට ගිහින් තිබුණා.

 

මොකක්ද වෙලා තියෙන්නෙ කියල අහන්න මම නංගීගේ කාමරේට ගියා. ඒ වෙලාවෙ නංගි ටෙලිෆෝන් කෝල් එකක හිටියේ. ඒ නිසා මම කෝල් එක ඉවර වෙනතුරු සාලෙට වෙලා හිටියා. කෝල් එක ඉවර නොවෙන නිසා මම කුස්සිය පැත්තට ගියා. ටික වෙලාවක් ගියාට පස්සෙ නංගී ගෙදර නැති නිසා මොකද වුනේ කියල විපරම් කර බැලු‍වා. ඒ වෙලාවේ වත්ත පහල ගඟ අයිනේ එළියක් දැකලා එතනට ගිහින් බැලු‍වා. එතන නංගී ගේ පෝන් එක තිබුණා. එතන නංගීගේ සෙරෙප්පු දෙකත් තියෙනවා දැක්කා. ඒ නිසා අපට නංගි ගගට පනින්න ඇතැයි කියන සැකය ඇති වුණා. පසුව අසල්වාසීන් පැමිණ සිදුකළ සෝදිසි කිරීමේදී නංගිගේ මළ සිරුර හමුවුණා.


පසුගියදා පිටබැද්දර දෙහිගස්පේදී නිල්වලා ගඟේ දිය නෑමට ගොස් සැඩ පහරට හසුව අතුරුදහන් වූ සිවු දෙනාගෙන් තිදෙනෙකුගේ මෘත දේහ සොයාගෙන ඇති අතර මේ වන තෙක් සොයා ගැනීමට නොහැකිව තිබෙන දෙයියන්දර සීනිපැල්ලේ පදිංචි මනුෂ්ක යොහාන් නමැති 24 වියැති තරුණයා සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය පෙම්වතිය ඇති වූ සිත් වේදනාව ඉවසා ගැනීමට නොහැකිව කිරමආරට පැන දිවි නසාගෙන ඇති බව කියයි.

 

මියගිය තරුණියගේ පියා වන දළුවක්ගොඩගේ විජේපාල යන අය ගොවිතැන් කටයුතු කර සිය දරුවන් හදා වඩා ගෙන ඇත. ඇගේ මව කලක් රෝගාතුරව සිට මීට කලකට පෙර මියගොස් ඇත. 

 

මියගිය තරුණියට වැඩිමහල් සොහොයුරන් තිදෙනෙකි. තම එකම නැගණියගේ හදිසි වියෝවෙන් කම්පනයට සහ වේදනාවට පත්ව සිටින ඉසුරු මඳ වේලාවක් නිහඬව සිට අහසට දිගු සුසුමක් මුදා හරිමින් වැඩිදුරටත් මෙසේ පැවසීය.

 

“නංගී ඉගෙන ගැනීමට දක්‍ෂතාවයක් දැක්වූවා. මීපාවිට විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය කොරඹුරුවාන මහා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත්ව ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හිටියා. ඒ අතර මාතර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් මගින් පවත්වා ගෙන ගිය හෙද පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටියා. මෙම හදිසි අනතුර සිදුකරත දවසෙත් ඇය පාඨමාලාවට ගිහින් ඇවිත් තිබුණා.”’

 

මෙම ප්‍රේම සබඳතාව ඇති කර ගන්න ඇත්තේ පාඨමාලාවට යන අතරේ වෙන්න ඇති. ඒ සම්බන්ධයෙන් අපි මොනවත් දැනගෙන හිටියේ නැහැ. කොහොම හරි අද අපට අපේ නංගී නැහැ. දෙවියනේ මොකක්ද මේ අපට වුණේ. මේ වගේ විපතක් කුරා කුහුඹියෙකුටවත් වෙන්න එපා” 

යයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

views

379 Views

Comments

arrow-up