පොලිස් කතට අතවර කළ ස්ථානාධිපති රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

පොලිස් කතට අතවර කළ ස්ථානාධිපති රිමාන්ඩ්

පොලිස් කතට අතවර කළ ස්ථානාධිපති රිමාන්ඩ්

පොලිස් කාන්තාවකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සෙවනගල පොලිසියේ ස්ථානාධිපති ඊයේ(29) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත භාරවීමෙන් අනතුරුව ලබන මස 09 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළේය.


මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ කේ. වී. දීපාල් නමැති පොලිස් ස්ථානාධිපතිවරයෙකි.


පසුගිය ජනවාරි, පෙබරවාරි මාසවලදී වරින් වර මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරියට පොලිස් ස්ථානාධිපතිවරයා අතවර කළ බව කියමින් එම පොලිස් කාන්තාව කොළඹ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර තිබේ.


එම පැමිණිල්ලට අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු අධිකරණය හමුවේ අපේක්‍ෂිත ඇප ඉල්ලා තිබේ. 


එම අපේක්‍ෂිත ඇප ප්‍රතික්‍ෂේප වූ පසු සැකකරු ඊයේ(29) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.


අතවරයට ලක්වූ බව කියන 21 හැවිරිදි පොලිස් කාන්තාව පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

views

270 Views

Comments

arrow-up