බිරිඳ ඩුබායි ඉඳලා ඇවිත් දවස් 04යි - නිදියහන මත බිරිඳගේ ගෙල කැපූ සැමියා සියදිවි නසා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

බිරිඳ ඩුබායි ඉඳලා ඇවිත් දවස් 04යි - නිදියහන මත බිරිඳගේ ගෙල කැපූ සැමියා සියදිවි නසා ගනී

බිරිඳ ඩුබායි ඉඳලා ඇවිත් දවස් 04යි - නිදියහන මත බිරිඳගේ ගෙල කැපූ සැමියා සියදිවි නසා ගනී

දඹුල්ල, කොට්ටවෙල ප්‍රදේශයේදී පෙරේදා(04) රාත්‍රී කාලයේදී ස්වාමි පුරුෂයා විසින් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර සැමියාද සියදිවි නසාගෙන ඇතැයි දඹුල්ල පොලීසිය පවසයි.

 

එලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි ගීතා කුමාරි කරුණාතිලක නම් කොට්ටවෙල ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.


මරණකාරිය ඩුබායි සිට පසුගිය 31 වනදා නැවත පැමිණ ඇගේ මවගේ නිවසේ සිටියදී ස්වාමි පුරුෂයා විසින් ගෙල කපා ඝාතනය කර ඇත.

 

ඉන්පසු ඔහුද ගසක එල්ලී සියදිවි හානිකරගෙන ඇත.

 

දීර්ඝ කාලයක පටන් දෙදෙනා අතර ඇතිව තිබූ පවුල් ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසීය.


සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

332 Views

Comments

arrow-up