බෙහෙත් නැතිව නැවතුණු මොනරාගල මහ රෝහලේ දන්ත සායන
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

බෙහෙත් නැතිව නැවතුණු මොනරාගල මහ රෝහලේ දන්ත සායන

බෙහෙත් නැතිව නැවතුණු මොනරාගල මහ රෝහලේ දන්ත සායන

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දන්ත ප්‍රතිකාර සායනයට අවශ්‍ය බෙහෙත් වර්ග නොමැතිවීම හේතුවෙන් සේවාවන් සැපයීම අඩපණවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

දත් ගැලවීමට සහ සුළු ශල්‍යකර්ම කිරීමට පෙර හිරිවැට්ටීම සඳහා යොදාගන්නා ඖෂධය නොමැතිවීම නිසා සේවාවන් ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර නොගෙන හිස් අතින් ආපසු යාමට සිදුවී තිබේ.

 

මේ පිළිබඳ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරී ධනපාල රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ කීය.

“දන්ත සායනයට අවශ්‍ය බෙහෙත් වර්ග බොහොමයක් නැහැ. අවශ්‍ය බෙහෙත් ඇනවුම්කර තිබුණත් ඒවා ලැබී නැහැ. විශේෂයෙන් නරක් වූ දත් ගැලවීමට පෙර හිරිවැට්ටීම සඳහා යොදාගන්නා බෙහෙත් නොමැතිවීම නිසා රෝගීන් ආපසු යැවීමට සිදුවී තිබෙනවා. අදාල බෙහෙත් ලැබීමෙන් පසු සේවාවන් යථා තත්වයට පත්කිරීමට කටයුතු කරනවා.”

views

334 Views

Comments

arrow-up