ක්‍රීඩා අමාත්‍යවරයා හා ජාතික නෙට්බෝල් කණ්ඩායම අතර හමුවක්

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හා ජාතික නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හා නිලධාරීන් අතර හමුවක් ඊයේ(29) පැවැත්වී තිබෙනවා.
සැප්තැම්බර් 3 වන දින සිට සැප්තැම්බර් 11 දින දක්වා සිංගප්පූරුවේ දී පැවැත්වීමට නියමිත 2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සඳහා කණ්ඩායමේ ඇති සූදානම හා තරගාවලිය සඳහා සූදානම් කර තිබෙන පහසුකම් පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා විමසා සිටියා.
කණ්ඩායමේ පුහුණු කටයුතු ඉතා සාර්ථකව සිදු වූ බවත් සිංගප්පූරුවේ දී අවශ්‍ය සියලුම පහසුකම් ක්‍රීඩා අමාත්‍යංශය විසින් ලබා දී ඇති බවත් ජාතික සංගමයේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා එහිදී ප්‍රකාශ කර සිටියා.
304 Views
Comments