නවයේ ශ්‍රේණියේ සිසුවෙක්ට සරසවි වරම්

2021 උසස් පෙළ විභාගයට පෙනී සිට බී සමාර්ථ තුනක් ලබා සරසවි පිවිසීම ලබාගත් වයස අවුරුදු 14ක දරුවකු පිළිබඳ කඩවත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
දෙවුම් සනහස් රණසිංහ නමැති මෙම සිසුවා මාවරමණ්ඩිය නැණමල් ජාතික විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි තිබුණා.
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කොළඹ දී ඊයේ(29) පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.
365 Views
Comments