ඇමති අලි සබ්‍රි ජිනීවා යයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මානව හිමිකම් කවුන්සලයේ පනස් එක් වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා ජිනීවා වෙත පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව එතුමා සැප්තැම්බර් 12 වැනි සඳුදා දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී කවුන්සිලය හමුවේ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතයි.
මෙම සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත් වූ දූත පිරිසට අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ද ඇතුළත්.
277 Views
Comments