වන අලියා දැක බියවී පාසල් සිසුවා අතින් පදවමින් සිටි කාරය ගසක හැපිලා - සිසුවා මරුට පියාට බරපතළයි

වන අලියෙකු දැක බියට පත්වී පාසල් ශිෂ්‍යයෙකු ධාවනය කළ මෝටර් රථයක් පසුගිය 04 වන දින රාත්‍රී 7ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් 17 වියැති සිසුවා මියගොස් ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ශිෂ්‍යයාගේ පියාද ප්‍රතිකාර සඳහා මොනරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
අමතර පන්තියකට ගොස් බිබිල සිට පදියතලාව දෙසට යමින් සිටියදී පුවක්පැලේ නමැති ස්ථානයේදී අනතුර සිදුවී ඇති බව බිබිල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ ඇතිරියන්කුඹුර, පදියතලාව පදිංචි බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබන එච්. එම්. සාලින්ද සිතිජය බණ්ඩාර නමැති සිසුවෙකි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ බිබිල කලාප අධ්‍යාපන කර්යාලයේ සේවයේ නියුතු මහේෂ් බණ්ඩාර නමැති නිලධාරියකි.
බිබිල පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
311 Views
Comments