අනුර කුමාරට බිත්තර ප්‍රහාරයක්!
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

අනුර කුමාරට බිත්තර ප්‍රහාරයක්!

අනුර කුමාරට බිත්තර ප්‍රහාරයක්!

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

 

ඒ අද පස්වරුවේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී ය.

 

සමුළුව පැවැත්වෙන අතරවාරයේ අනුර කුමාර මහතා එම ස්ථානයට පැමිණ සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

 

පාක්ෂිකයන් විසින් සැක සහිත පුද්ගලයින් දෙදෙනකු අල්ලා පොලිසියට භාරදී ඇති අතර ඔවුන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් සමඟ තවත් 16දෙනකු පමණක් පැමිණ ඇති බවයි.

 

සිද්ධියෙන් පසු පිරිසක් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.

views

1065 Views

Comments

arrow-up