විදුලි අර්බුදයට විසඳුම් ලෙස වායු සමීකරණ භාවිතය අත්හිටුවන්න යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

විදුලි අර්බුදයට විසඳුම් ලෙස වායු සමීකරණ භාවිතය අත්හිටුවන්න යයි

විදුලි අර්බුදයට විසඳුම් ලෙස වායු සමීකරණ භාවිතය අත්හිටුවන්න යයි

විදුලි කප්පාදුවක් සිදු නොකර විදුලි පරිභෝජනය අවම කිරීමට වන යෝජනාවලියක් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

 

ඒ අනුව වායු සමීකරණ භාවිතය අත්හිටුවීම, කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීම, මාර්ගවල ඇති විදුලි පහන් නිවාදැමීමටද යෝජනා කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

 

අධිවේගී මාර්ගවල සහ ප්‍රධාන මාර්ගවල විදුලි ලාම්පු නිවා දැමීමට යෝජනා කරන බවත් ඔහු පැවසීය.

 

ඉදිරි දින දෙක තුළදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් අමාත්‍යරයා වැඩිදුරටත් කියා සිටියේය.

views

653 Views

Comments

arrow-up