“එක රටක් එක නීතියක්” බළකාය වැඩ පටන් ගනී - ඉස්ලාම් පෙළපොත් ආපසු කැඳවයි

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය ඉස්ලාම් පෙළ පොත්වල අන්තර්ගතය පිළිබඳව කනස්සල්ල පළ කිරීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි 6, 7, 10 සහ 11 ශ්‍රේණි සඳහා ඉස්ලාම් පෙළ පොත් යළි කැඳවා ඇත.
ඒ අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිංහල සහ දෙමළ භාෂාවලින් පෙළ පොත් ලැබුණු ජාතික සහ අනෙකුත් පාසල්වල විදුහල්පතිවරුන්ට ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
එම පෙළපොත් නැවත කැඳවන ලෙසත් පෙළ පොත් සංශෝධනය කරන තුරු ඒවා සිසුන්ට බෙදා හැරීම නවතන ලෙසත් කොමසාරිස් ඉලප්පෙරුම මහතා උපදෙස් ලබාදී තිබේ.
ඉලප්පෙරුම මහතා කියා සිටියේ එම පොත්වල යම් යම් පිළිකුල් සහගත වචන අඩංගු වී ඇති බවට ජනාධිපති කාර්ය සාධක බළකායෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයෙන්, සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවයක් පිළිබඳව තම කාර්යාලයට ලැබුණු පණිවිඩයකට මත මෙම කැඳවීම සිදු කර ඇති බවයි.
698 Views
Comments