ජම්බු ගෙඩිය ගන්න ගොස් බැරලයට වැටී අවාසනාවන්ත ලෙස මිලින වූ පුංචි මල් කැකුළ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

ජම්බු ගෙඩිය ගන්න ගොස් බැරලයට වැටී අවාසනාවන්ත ලෙස මිලින වූ පුංචි මල් කැකුළ

ජම්බු ගෙඩිය ගන්න ගොස් බැරලයට වැටී අවාසනාවන්ත ලෙස මිලින වූ පුංචි මල් කැකුළ

කලවංචිකුඩි. මාරියම්මන් කෝවිල් පාරේ නිවාස ව්‍යාපෘතියේ නිවසක තිබූ කුඩා ප්ලාස්ටික් බැරලයකට වයස අවුරුදු තුනක දැරියක් වැටීමෙන් මියගිය ශෝකජනක සිදුවීමක් පසුගිය 22 වනදා කලවංචිකුඩි පොලිසියෙන් වාර්තා වේ.

 

දැරිය ජල කරාමය අසල තිබූ කුඩා ප්ලාස්ටික් බැරලයක් තුළට තම අතේ තිබූ ජම්බු ගෙඩිය දමා තිබේ. 

 

පසුව එම ජම්බු ගෙඩිය ගැනීමට උත්සාහ කිරීමේදී මෙම දැරිය භාජනය තුළට මුනින් අතට වැටී ඇත. 

 

උසින් අඟල් විසිතුනක් වන මෙම කුඩා බැරලයේ අඟල් අටක් පමණ ජලය පිරී තිබී ඇති අතර තම නැගෙණිය වැටුණු දුටු පස් හැවිරිදි සහෝදරයා නිවසේ ආහාර පිසිමින් සිටි තම මවට මේ බව දන්වා තිබේ. 

 

අසල්වැසියන්ගේ උපකාරයෙන් කුඩා දැරිය කලවංචිකුඩි මූලික රෝහලට ඇතුළත් කරන විටත් ඇය  මියගොස් ඇත.

 

කලවංචිකුඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ සිදු කරයි.

views

747 Views

Comments

arrow-up