මුහුදේ ගිලුණු සිව් දෙනෙක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

මුහුදේ ගිලුණු සිව් දෙනෙක් අතුරුදන්

මුහුදේ ගිලුණු සිව් දෙනෙක් අතුරුදන්

දියේ ගිලිම් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ දෙකකදී පාසල් ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙක් අතුරුදන්වී තිබේ.

 

වත්තල සහ මන්නාරම ප්‍රදේශවලින් එම සිදුවීම් වාර්තා වන බව පොලීසිය පැවසීය.

 

වත්තල, දික්ඕවිට ප්‍රීතිපුර මුහුදු තීරයේ දියනාමින් සිටි ළමුන් පිරිසක් අතරින් ළමුන් දෙදෙනෙකු දියේ ගිලි අතුරුදන්ව ඇත.

 

එලෙස අතුරුදන්ව තිබෙන්නේ 15 හැවිරිදි එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි ළමුන් දෙදෙනෙකු බව පොලීසිය පැවසීය.

 

එම ළමුන් අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කර ඇති ස්ථානයක දියනාමින් සිට ඇතැයි වාර්තා වේ.

 

නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වු ළමුන් සෙවීමේ කටයුතු වල නිරත වී සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

 

‍මේ අතර මන්නාරම කළපුවේ මොටර් බෝට්ටුවකින් සංචාරයක නිරතවූ පිරිසක් අතරින් දෙදෙනෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇත.

 

පොලීසිය පැවසුවේ 21 හැවිරිදි සහ 27 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු එලෙස අතුරුදන්ව ඇති බවය.

 

අතුරුදන්වු පුදග්ලයින් සෙවීමේ කටයුතු පොලිසිය හා නාවික හමුදාව එක්ව ආරම්භ කර ඇත.

views

763 Views

Comments

arrow-up