රජයේ රෝහල්වලට එන්න බය වෙන්න එපා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

රජයේ රෝහල්වලට එන්න බය වෙන්න එපා

රජයේ රෝහල්වලට එන්න බය වෙන්න එපා

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසන්නේ කිසිදු රෝගියෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රජයේ රෝහල්වලට යාමට බිය නොවිය යුතු බවයි. මේ රටේ සියලුම රෝහල්වලට නායකත්වය දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය රෝගීන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීමට බැඳී සිටින බව හෙතෙම පැවසීය .

 

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රජයේ රෝහල්වල ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් තමා වගකිව යුතු බවද ඔහු පැවසීය. කිසිම රෝහලකින් කිසි දිනක රෝගීන්ට බාල ප්‍රතිකාර ලබා නොදෙන බවට ඔහුට සහතික විය හැකිය.

 

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පෙන්වා දුන්නේ ඊයේ (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 

 

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සෑම රෝගියකුගේම ජීවිතය බේරා ගැනීමට මිස කිසිදු රෝගියෙකුගේ ජීවිතය අනතුරේ හෙළීමට නොකරන බවද ඔහු පෙන්වා දුන්නේය.

 

 

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ පසුගියදා මාධ්‍ය වාර්තා කළ පරිදි කිසිදු රෝහලක වෛද්‍යවරුන්, හෙදියන් සහ රෝහල් කාර්ය මණ්ඩලය හිතාමතාම කිසිදු රෝගියෙකුගේ ජීවිත අවදානමට ලක් නොකළ බවයි.

 

 

24 වැනිදා සිට දිවයිනම ආවරණය වන පරිදි සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සහ හෙදියන් සඳහා පුහුණු වැඩසටහනක් සකස් කරන බවද ඔහු නිවේදනය කළේය.

views

291 Views

Comments

arrow-up