මෝසම් වැසි සමඟ ඩෙංගු අවදානම වැඩි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

මෝසම් වැසි සමඟ ඩෙංගු අවදානම වැඩි වෙයි

මෝසම් වැසි සමඟ ඩෙංගු අවදානම වැඩි වෙයි

ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තිබෙන බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

 

ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට හෝ සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බවත් මේ සඳහා සියලුම ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

 

ඩෙංගු රෝගීන් වාර්තා වීමේ පැහැදිලි වර්ධනයක් මේ වසරේ දක්නට ලැබෙන අතර ජනවාරි මස සිට මේ දක්වා රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.

 

මෙතෙක් වාර්තා වූ රෝගීන්ගෙන් වැඩි පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙන බවත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එක්ව එම දිස්ත්‍රික්කවල පවතින කසල ඉවත් කිරීම ඇතුළු පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙන බවත් ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය. 

views

145 Views

Comments

arrow-up