මෙරට හමුදාව අඩු කිරීම ගැන එක්සත් ජනපදයට දැනුම් දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

මෙරට හමුදාව අඩු කිරීම ගැන එක්සත් ජනපදයට දැනුම් දීමක්

මෙරට හමුදාව අඩු කිරීම ගැන එක්සත් ජනපදයට දැනුම් දීමක්

මෙරට හමුදාවන්හි ප්‍රමාණය ක්‍රමයෙන් සංඛ්‍යාත්මකව නිවැරදි, අනුමත ප්‍රමාණයට ගෙනවිත් සම්මත හමුදාමය රාජකාරීන් සඳහා යෙදවීමට පියවර ගන්නා  බව  ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් (Afreen Akhter)හට පවසා ඇත.

 

 

ආරක්‍ෂක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා නියෝජ්‍ය සහකාර ලේකම් අක්තර් හට කොළඹ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවති රැස්වීමක් අතර මේ බව පවසා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

 

 

එක්සත් ජනපදය විසින් ලබාදී ඇති සහයෝගීතා ක්‍රියාමාර්ග පිළිබඳ සිහිපත් කළ රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් දෙරට අතර හමුදාමය සහ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ නව මංපෙත් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කොට තිබේ.

 

 

සමුද්‍රීය දැනුවත්භාවය සහ සමුද්‍රීය ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීම සඳහා එක්සත් ජනපදය විසින් දරණ උත්සාහයන් සහ ආරක්‍ෂක ප්‍රතිපත්තියේ සමුද්‍රීය ආරක්‍ෂාව සහ අනෙකුත් කලාපීය ගැටළු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයන් පිළිබඳව ද මෙහිදී  පැවැති ඵලදායි ද්විපාර්ශවික සාකච්ඡාවේදී වැඩිදුරටත් සාකච්ඡා කොට ඇත. 

 

 


මෙරට හමුදා සාමාජිකයින් හට විදේශ සාමසාධක රාජකාරීන්හි අවස්ථා පිළිබඳව කරුණු ද මෙම සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට ලක් වී ඇත.

views

235 Views

Comments

arrow-up