රට හැරදමා ගිය ඕමාන ආයෝජකයාට යළි එන ලෙස ටිරාන් අලස් කතාකරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

රට හැරදමා ගිය ඕමාන ආයෝජකයාට යළි එන ලෙස ටිරාන් අලස් කතාකරයි

රට හැරදමා ගිය ඕමාන ආයෝජකයාට යළි එන ලෙස ටිරාන් අලස් කතාකරයි

ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් මෙරට ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස කටාන අල්ඔබෙයිදානි ඇපරල් කර්මාන්තශාලාවේ හිමිකරුගෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉල්ලීමක් කර ඇත.

 

 

ඒ ඕමාන ජාතික හිමිකරු කලීෆා අල් ඔබෙයිදානි සමග පැවති සාකච්ඡාවකදීය.

 

 

මේ අතර දිලුම් අමුණුගම මහතා ද පවසා ඇත්තේ තමන් ඇතුළු ආයෝජන මණ්ඩලය එම ව්‍යාපාරිකයා සමග කළ සාකච්ඡාවකදී කර්මාන්තශාලාව මෙරටින් රැගෙන නොයාමට ඔහු එකඟ වූ බවයි.

 

 

පසුගිය මාර්තු 30 වනදා එම කර්මාන්තශාලාවේ කළමනාකරණ අධ්‍යක්ෂ කලීෆා අල් ඔබෙයිදානි සහ ආරක්ෂක නිලධාරියෙකු එම කර්මාන්තශාලාවට පැමිණි පිරිසකගේ පහර කෑමට ලක්ව රෝහල්ගත කිරීමට සිදුවීම මෙම ගැටළුවට හේතු වී තිබුණි.

views

313 Views

Comments

arrow-up