ඉන්දීය රුපියල් මිලියන සියයක මුදලක් ඇදුණු ලොතරැයි පත
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

ඉන්දීය රුපියල් මිලියන සියයක මුදලක් ඇදුණු ලොතරැයි පත

ඉන්දීය රුපියල් මිලියන සියයක මුදලක් ඇදුණු ලොතරැයි පත

ඉන්දීය රුපියල් මිලියන සියයක මුදලක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ලොතරැයිපතාක් මිලදී ගත්, පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත කාන්තාවන් 11 දෙනෙකුට හිමිව තිබෙනවා.

 

 

මෙම ලොතරැයි පත පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත එම කාන්තාවන් 11 දෙනා එක්ව මුදල් යොදා මිලදී ගෙන තිබෙනවා.

 

 

මෙලෙස ජයග්‍රහනයක් හිමිකරගෙන ඇත්තේ එම ලොතරැයිපතයි.

 

 

නිවෙස්වල ඉවතලන අපද්‍රව්‍ය එකතු කිරීම හා පිරිසිදු කිරීමේ කටයුතුවල එම කාන්තාවන් නිරත වනවා.

 

 

වාර්තා වන්නේ ඔවුන්ගේ දෛනික ආදායම ඉන්දීය රුපියල් 250ක් පමණ වන බවයි.

 

 

ඔවුන් නිරන්තරයෙන්ම දුගීභාවය හේතුවෙන් මුදල් ණයට ගැනීම සිදුකරන බවද සඳහන්.

 

 

ඔවුන් ඒ හේතුවෙන් නිරන්තරයෙන් ලොතරැයි පත් මිලදී ගැනීමට පෙළඹී සිටිනවා.

 

 

ඔවුන් විශ්වාසය පලකරන්නේ මෙම මුදල් ත්‍යාගයත් සමග තම ජීවිත යහපත් ලෙස ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

 

 

views

230 Views

Comments

arrow-up