මත්කුඩුවලට ඇබ්බැහි වූවන් නව කැළණි පාලමට සිදු කරන අපරාධය

නව කැලණි පාලම අනතුරට ලක්වන අයුරින් ඇණ මුරිච්චි ගලවාගෙන යන මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ගෙන් බේරාගැනීම සඳහා නව කැලණි පාලම අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස නම් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවිත් තිබෙනවා.
මීට අමතරව මෙම ප්‍රදේශයට පොලිස්, හමුදා මුර සංචාර සහ පොලිස් මුරපොලක් යෙදවීමට තීරණය කර ඇත.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් නව කැලණි පාලම යටට රිංගා ඇණ ගලවන බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ඊයේ (21) පෙන්වා දුන්හ. නව කැලණි පාලම අනතුරුදායක විය හැකි බවද එම නිලධාරීන් පෙන්වා දී තිබේ.
ජාතික ආරක්ෂක ආංශික සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
මෙම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් කටුනායක මහා මාර්ගයේ තඹ කම්බි, ඇණ, විදුලි කම්බි කපා දමමින් සිටින බවද අනාවරණය වී ඇත.
මේ වන විට රුපියල් මිලියන 286ක් වටිනා තඹ කම්බි කපා ඇති බවද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පෙන්වා දුන්නා.
මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා ඇතුළු පොලිස් හා මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
300 Views
Comments