බලු පැටවුන් අතර මාරාන්තික රෝගයක්

මේ දිනවල හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක් බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා පවසයි.
මෙම ශ්වසන රෝගය සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් සොයා ගෙන නොමැති බැවින් මාස 8ට අඩු සුරතල් සතුන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැක බලා ගන්නා ලෙස ඒ මහතා පවසයි.
හුස්ම ගැනීමේ අපහසුතාව, වේගයෙන් හුස්ම ගැනීම, වමනය හා පාචනය, විදුරු මස අවපැහැ ගැනීම, කෑම අරුචිය හා කම්මැලි බව මෙහි රෝග ලක්ෂණයක් වන අතර දෙමුහුන් පැටවුන් අතර මෙය ශීඝ්‍ර ලෙස පැතිර යන බවද සොයා ගෙන තිබේ.
මේ වන විට මෙම රෝගය මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය හා මාතලේ ප්‍රදේශ තුළ මෙය බහුල ලෙස පැතිර ගොස් ඇති අතර ගම්පොල, නාවලපිටිය, ගිනිගත්හේන හා හැටන් ප්‍රදේශවල සිටින බලු පැටව් අතරින් සියයට 80ක ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරුව තිබේ.
මෙය වළක්වා ගැනීම සඳහා කුඩා පැටවුන් හට ශීත ආහාර මෙන්ම එළකිරි දීමෙන් වළකින ලෙසත් පැටවා මාස හතර පහක් යනතුරු නෑවීමෙන් වළකින ලෙසත් පශු වෛද්‍යවරයා ඉල්ලා සිටියි.
356 Views
Comments