වාහන ගැන අලුත්ම තීරණය

රටේ ජනගහණයෙන් සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකු පසුගිය වසර 5 තුළ විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බවත් ඉන් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
අද (09) පාර්ලිමේන්තුවේදී යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඉදිරියේදී වාහන ආනයනයේදී බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.
2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව 2,498,714කි.
2015දී වාහන 652,446ක්
2016දී වාහන 466,986ක්
2017දී වාහන 448,320ක්
2018දී වාහන 496,282ක්
2019දී වාහන 332,452ක්
2020දී වාහන 102,228ක්
406 Views
Comments