නෙදර්ලන්තයෙන් බිත්තර ගෙන්වයි

ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති සිරිල් මහතා, බිත්තර දමන කිකිළියන්ගේ හිඟයට පිළියමක් ලෙස රක්කවන ලද බිත්තර (Hatching Eggs) එක්ලක්ෂ පනස් දහසක් (150,000) නෙදර්ලන්තයෙන් ගෙන්වීමට කටයුතු යොදා ඇතැයි පැවසීය.
මෙලෙස ආනයනය කරන රක්කන ලද බිත්තරයක් යුරෝ 0.3 ක් (දළ වශයෙන් රුපියල් 31) වන බවද, ආනයනික බිත්තර 100 කින් පැටවුන් 80 ක් බිහි වූවද, ඉන් 40 ක්ම පිරිමි සතුන් බවද ඔහු පැවසීය.
ගැහැනු සතෙකු රුපියල් 475 ක් වැනි මිලකට අලෙවි කෙරුණද, පිරිමි සතෙකු අලෙවි කිරීමට සිදුවී ඇත්තේ රුපියල් 10 ත් අතර මිලකට බවද, ඊට හේතුව පිරිමි සතුන්ට තිබෙන ඉල්ලුම අඩු නිසා බවද ඔහු පැවසුවේය.
රක්කන ලද බිත්තර ආනයනය කිරීමෙන් පසු මෙරටදී එම බිත්තර දින 21 ක කාලයක් රක්කනය කළ යුතු බවද මහාචාර්යවරයා කීවේය.
ආනයනික බිත්තර මේ මාසයේ අන්තිමට හෝ ලබන මාසයේ මුලදී ලැබීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
292 Views
Comments