වකුගඩු රෝගින්ට සිදු කරන ප්‍රතිකාර ප්‍රමාදයි

වකුගඩු රෝගින්ට ප්‍රතිකාර කිරීමේදි රෝගීන් සඳහා රුධිර කාන්දුකරණයේදි භාවිත කරනු ලබන කෘතිම වකුගඩුවල සහ රුධිර නාළවල දැඩි හිඟයක් පැවතීම හේතුවෙන්ගැටලු පැන නගින බව වෛද්‍යවරු පවසති.
වෘක්කවේද කාන්දු පෙරීමේ හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ (වකුගඩු රෝහල) රෝගින් සඳහා භාවිත කරනු ලබන කෘත්‍රිම වකුගඩු සහ රුධිර නාළ ප්‍රමාණවත් වන්නේ තවත් සතියක පමණ කාලයකට පමණක් බවත් සඳහන් වේ.
රෝහල් පාලනාධිකාරිය දැනුම් දෙන්නේ වකුගඩු පරිත්‍යාගශීලින් විසින් වකුගඩු පරිත්‍යාග කිරීමේ අඩුවක් පවතින බැවින් හැකියාවක් ඇති පුද්ගලයන්ට වකුගඩු රෝහලට වකුගඩු පරිත්‍යාග කිරීමට අවස්ථාව ඇති බවයි.
මසකට වකුගඩු රෝගින් 100 ක් 150 ක් අතර ප්‍රමාණයක් වාර්තා වන බව විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශ කරයි.
241 Views
Comments