ජෙරම් ප්‍රනාන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

ජෙරම් ප්‍රනාන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ජෙරම් ප්‍රනාන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින්  තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිය නීතීඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන ලදී.

 

 

පසුගිය මස 30 වනදා පැවැත්වූ දේව මෙහෙයකදී තමන් පළකළ මතයක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි පෙත්සම්කරු කියා සිටටී.

 

 

ඊට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තමන් සැකකරුවකු ලෙස නම් කිරීමට පොලිසිය ක්‍රියා කර ඇති බැවින් තමන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබද සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙන බවත් පෙත්සම්කරු තමන් පළකළ මතය තුළින් අදාළ වැරදි උද්ගත නොවන බවත් පෙන්වා දෙයි.

 

 

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය පෙත්සමෙන් සදහන් කර තිබෙන්නේ පොලිසිය තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි.

 

views

267 Views

Comments

arrow-up